Posts

Showing posts from April, 2020

Angular පළමු වරට Serve කරද්දී එන "Running scripts is disabled on this system" කියන error එක?

Image
මෙන්න මෙහෙම error එකක් ආවොත් පළමුවරට Angular install කරල VS Code එකේ terminal එකේ ng serve --open ගහල project එක run කරනකොට.  ඉතින් ඒකට හේතුව තමයි poweshell වල execution policy වල default විදියට scripts run කරන්න දෙන්නෙ නෑ. අන්න ඒ නිසයි ඔහොම වෙන්නෙ. ඉතින් ඒක හදාගන්න පුළුවන් poowershell එක open කරගෙන Set-ExecutionPolicy RemoteSigned මෙන්න මෙහෙම ගහල run කරල yes දෙන්න. එතකොට වැඩේ හරි. වැඩි විස්තර, https://docs.microsoft.com/en-us/powershell/module/microsoft.powershell.core/about/about_execution_policies?view=powershell-7 https://docs.microsoft.com/en-us/previous-versions/windows/it-pro/windows-powershell-1.0/ee176961(v=technet.10)?redirectedfrom=MSDN

Child list for field “ ” cannot be created කියන error එක එන්නෙ ඇයි data load කරනකොට

Image
Windows Form Application එකක DataGridView එකකට data load කරන ක්‍රම කිහිපයක් තිබුනත් එයින් එකක් තමයි DataSet එකක් භාවිතා කරල data load kකරන එක. මෙලෙස data load කරනකොට  System.ArgumentException: 'Child list for field Table_Surveyor_Type cannot be created.' මෙන්න මේ error එක එන්න හේතුව තමයි, DataSet එකක් කියන්නෙ ඇත්තටම අපේ සම්පුර්ණ database එකේ කොපියක් වගේ, ඉතින් එතකොට ඒකෙ ඇතුලේ අපේ database එකේ තියෙන table සියල්ල තියෙනව. එමනිසා අපි මොන table එකේ' data ද DataGridView එකට load කරන්නෙ කියල කියන්න වෙනව. අන්න එහෙම දෙනකොට වැරදි නමක් දීල තිබුනොත් ඔන්න ඔය error එක එනව.                     SqlDataAdapter da = new SqlDataAdapter(cmd);                     da.Fill(ds, " Table_Division "); 

Windows Form Application එකක එන "Index was out of range" කියන error එක?

Image
Windows Form Application භාවිතාකරල Software Develop කරනකොට ගොඩක් වෙලාවට භාවිතා කරනව DataGridView. මෙන්න මේ DataGridView භාවිතා කරනකොට මේ Error එක සුලභ දෙයක්. System.ArgumentOutOfRangeException: 'Index was out of range. Must be non-negative and less than the size of the collection. Parameter name: index'.  මේකට හේතුව වෙන්නෙ, අපි මේ DataGridView එකට ලෝඩ් කරන table එකේ තියෙන column ගානට වට වැඩිය index එක දීමයි. column 10 ක් තියනම් 10 වෙනි column එකේ index එක වෙන්නෙ 9. ඉතින් 9 වෙනුවට එතනට 10 හෝ වෙන ඊට වඩා වැඩි එකක් හෝ 0 ට වඩා අඩු negative index එකක් හරි දුන්නොත් මේ error එක එන්න පුළුවන්. උදාහරණයක් කියන්නම්, ඔයා ලග පොත් දහයක් තියෙනව කියල හිතන්න. දැන්, මං ඔයාගෙන් 11 වෙනි පොත ඉල්ලුවොත් මොකද වෙන්නෙ? අන්න ඒ විහිලුවම තමයි මෙතන වෙන්නෙත්. මෙන්න මට ආපු එකක්, dgvDivision.Columns[0].HeaderText = "Division"; මේකෙ index එක හරියටම දීලත් තියෙනව. ඒත්, මේ error එක එනව. ඒ කියන්නෙ අපි හදපු DataGridView එකේ තියෙන Column ගණන කියන්න ඕන මෙච්චරක් තියෙනවා කියල. dgvDivision.ColumnCo...

Wordpress පළමුවෙන්ම host එකට Install කරපු ගමන් Log වෙන්න බැරි ඇයි?

Image
මගේ host එකට WordPress install කරල dashboard එකට log වෙන්න යනකොට wp--admin ගහල. වෙනද සුපුරුදු පේජ් එකනම් ආවෙ නැ. ඔන්න ඕකනම් අවේ නෑ. ඒ වෙනුවට ආවෙ මෙන්න මෙහෙම එකක්. Chrome & Edge දෙකෙන්ම ට්‍රයි කළා. ඔන්න ඔහොමයි ආවෙ. හරි ඉතින් අර අපේ තියෙන ගතියට මාත් Username & Password ඕකට ගහල බැලුව කිහිප සැරයක්ම. ඒත් කොහෙද ගොඩ ගියේ නෑ. අන්තිමට වෙබ් එක ලෝඩ් වෙන්නෙත් නැතුව ගියා. සීන් එක කියන්නෙ බර පාරක් Username & Password ගහල වැරදියි කියල ආපු නිසා Router එකෙන් block කරල. Router එක off කරල on කලාම වැඩේ ගොඩ ගියා.  හරි ඕම අවුලක් අවොත් Host එක ගත්ත company එක contact කරගන්න. කරගත්තම මෙන්න මෙම එකක් තමයි මට නම් කිව්වෙ. Wordpress login pages are secured from bot attacks(hacking attempts) by initiating htpassword authentication. Please use following credentials to authenticate and access your Wordpress login page. Username - human Password - human Once authenticated you may enter your default Wordpress credentials and login to Wordpress dashboard. ඔන්න ඕම...